පාසල් ගීතය
වත්මන් පාසල් ගීය රචනා කරන ලද්දේ ආරියපාල මහතා විසින් වන අතර ඒ සඳහා සංගීතය සපයන ලද්දේ T.A. සෝමරත්න මහතා විසිනි. අද භාවිත කරන පාසල් ගීතය මෙම පාසලේ මුල්කාලීන පාසල් ගීතය නොවන අතර පසුකාලීනව වෙනස් කරන ලද පාසල් ගීතය වේ.
මුල් කාලීන පාසල් ගීතය
දීර වීර බල වීර විභූෂිත අසිපත් හඬ සවනේ
පෑ අපරාජිත රුපු එඩි ගෝෂිත
කිතු ගොස නැගු සෙවනේ
ජයවේ ජයවේ ගාමිණි මහ විදුහල් මෑණි ගරු
.............
සංගීතය - ජිනදාස මාතොටආරච්චි
වත්මන් පාසල් ගීතය
ශ්‍රීනි විභූෂිත සාරද සේවිත
සත්දම් නිධාන වූ
සිප්සත අම රස පොවා වඩාලන
කෙම්බිම සෙවණ සැදූ
දිගාමඩුලු ගාමිණී මහා විදුහල
මව සිතුමිණක් බඳු
සැරදේ...// පාසල් මවුනි ගරු
සංවරයෙන් ගුණ නුවණින් දැනුමෙන්
පිරිපුන් මිනිසුන් ලොවට සදන්නයි
දෙස බස රැස සුරකින විරු දරුවන්
තනා සුමග යොදවා සතපන්නයි
ශ්‍රීනි විභූෂිත.....
දැනුමෙන් දිනුමෙන් ජය දද නංවා
දස්කම් විස්කම් සුරැකුම් රැව්දෙන
දෙස බස රැස තිසරණ සේ සුරකිමු
අපි වෙමු ගුණදම් වඩවන දරුවන්
ශ්‍රීනි විභූෂිත.....
ජයවේ ජයවේ පාසල් මවුනි ගරු...//